මිනිසා සත්ව ලෝකයෙන් වෙන්ව සුවිශාල පිමිමක් එක්වර පනින්නේ භාෂාව නම් වූ විධිමත් සංඥා පද්දතියක් නිර්මාණය කර ගැනීමෙනි. මේ දක්ෂතාවය නිසා මිනිසාට ජෛවීය ලෙස හිමිවූ සංකල්පීය දැනුම නිර්මාණය කර ගැනීමේ හැකියාව( ඥාණය) මෙන්ම එම දැනුම පවත්වාගෙන යාමේද සුවිශාල පරිවර්තනයක් සිදුවිය. විශාල සංකල්ප ප්‍රමානයක් භාෂා සංඥාමත රැස්කරගත හැකිවීම මෙයට හේතුවයි. මේ නිසා සංඥාවන් අතර වන සබඳතාවයන් (වෙනස්කම්/ සමානකම්) පහසුවෙන් හඳුනා ගැනීමට මිනිසාට හැකි වූ අතරම නව සබඳතාවයන් නිර්මාණය කිරීමේ නිර්මාණශීලි බවක්ද මිනිසාට උරැම විය. වසර මිලියන ගණනාවක් වූ සත්ව පරිනාමයේ කාලයෙන් අංශු මාත්‍ර වන වසර දස දහසක පමන වන අප දන්නා ඉතිහාසය තුල මිනිසා පැන ඇති සුවිසල් පිම්මට හේතුව විධිමත් භාෂා නිර්මාණය කර ගැනීමයි.
භාෂා සංඥා මත දෙයාකාරයක සංකල්ප සකස් කර ගත හැකිය. පලමුවැන්න ලක්ෂණ පිලිබඳ සංකල්ප ලෙස නම් කරගත හැකි අතර දෙවැන්න කෘත්‍යය හෙවත් කාර්‍යය පිලිබද සංකල්ප ලෙස දැක්විය හැක. මේ කාර්‍යයන් එකිනෙකට සම්බන්ද කර කාර්‍යයාවලියක්, ක්‍රියාවලියක් ලෙස අාකෘති නිර්මාණය කර ගැනීමේ හැකියාවක්ද මිනිසාට ඇත. නලින් මහතා 'මගේ ලෝකයෙහි' ක්‍රියාවලීන් පිලිබඳ සංකල්පය නිර්මාණය කර ගන්නේද මේ ඇසුරෙනි.
ලක්ෂණ යනු පංචේන්ද්‍රියට ගෝචරවන සංජායන ඇසුරෙන් නිර්මාණය කර ගන්නා මූලික සංකල්පයන්ය. මේවා බොහෝ විට වර්ණය, හැඩය, ප්‍රමාණය ආදියට අදාලවන සංකල්පයන්ය. අප ද්‍රව්‍යය හෝ වස්තූන් ලෙස නම් කර ගන්නේද මේ ඉන්ද්‍රිය ගෝචර සංකල්ප ඇසුරෙන් සකස් කරගත් සංඥාවන්ය. කාර්‍යය පිලිබඳ සංකල්ප යනු යම් කාර්‍යයක්, චලනයක් හෝ වෙනස්වීමක් පිලිබඳ හැඟවීමක් කරන සංකල්පයන්ය. මෙයින් ද්‍රව්‍යය හෝ වස්තූන් ලෙස නම් කරගත් සංඥාවන්හි වෙනස්වීම් නම් කර ගනී. උදාහරනයට 'අඹ ගස' නම් වූ සංඥාව ගත්විට එහි කඳ, මුල්, කොල, අතු ආදියෙහි හැඩය, වර්ණය, ප්‍රමාණය ආදී ලක්ෂණ මෙන්ම වැඩීම, මල් පිපීම, ගෙඩි හට ගැනීම ආදී කාර්‍යයන් පිලිබඳ දැනුමක්ද අඹ ගස ගැන අපට ඇත. බොහෝ දෙනෙකු වරදවා ගන්නේ සංඥා හෝ සංකල්ප යනු ලක්ෂණ පමනක් බවයි. දැනුමේ ඇති වැදගත්කම තීරනය වන්නේ ලක්ෂණ මත නොව කාර්‍යය ලෙස ලැබෙන උපයොගීතාවයි.
නලින්ද සිල්වා මහතා සාධාරනීකරනය කරන ලද වියුක්ත සංකල්පයක් ලෙස දක්වන 'ලක්ෂය' නම් වූ ඉන්ද්‍රිය ගෝචර නොවන නමුත් සිතෙන් සිතා ගත හැකි වියුක්ත සංකල්පය පිලිබඳව සොයා බලමු. එය අවකාශයේ ඉඩක් ගන්නා තැනක් හෝ ස්ථානයකි. එම ස්ථානීය හැඟවුමෙහි ලක්ෂණ පිලිබඳ සංකල්පයන් මෙන්ම කාර්‍යය පිලිබඳ සංකල්පයන්ද ඇත. මෙහිදී ලක්ෂණ ලෙස ගනු ලබන හැඩය හා ප්‍රමාණය ආදී ලක්ෂණ ඉවත්කරගත් විට ලැබෙන්නේ (සමානකම් සෙවීමෙන් සාධාරනීකරනය කරලද) ලක්ෂය නම් වූ සංඥාවකි. මෙයින් එහි ඇති කාර්‍යය පිලිබඳ සංකල්පය පමනක් ඉතිරි වෙයි.එහි අදහස එයින් අපේක්ෂිත කාර්‍යයක්(චේතනාවක්) ඇති බවයි. ලක්ෂ දෙකක් යා කරමින් ලැබෙන සරල රේඛාවද මෙසේ ලක්ෂණ ඉවත්කර ගත් යම් කිසි කාර්‍යයක් වෙනුවෙන් සකස්කරගත් සංකල්පයකි.
අපට යමක් පංචේන්ද්‍රිය ඇසුරෙන් හෝ මතකයෙන් (මනසින්) සිතා ගත හැක්කේ එහි ඇති රෑප ලක්ෂණ ඇසුරෙනි. වෙනස්වීමක්, කාර්‍යයක් සිතෙන් සිතා ගැනීමට නම් එය යම් රෑප ලක්ෂණයක් සමඟ සම්බන්ද විය යුතුය. වැටීම යන කාර්‍යය (වෙනස්වීම, චලනය) සිතෙන් සිතා ගත හැක්කේ අඹ, පොල් හෝ ඇපල් වැනි රැප ලක්ෂණයක් හා සම්බන්ද කිරීමෙනි. නලින්ද සිල්වා මහතාට ප්‍රශ්ණයක්ව ඇත්තේ සිතෙන් සිතා ගත නොහැකි මේ කාර්‍යය පිලිබදව දැනුම සාධාරනීකරනය කිරීම බවට සැකයක් නැත.
කිව යුතු වැදගත්ම කරැනක්නම් දැනුම සාධාරණීකරනය බටහිර විද්‍යයවේ පමනක් කෙරෙන උද්ගාමී තර්කයක් පමනක්ම නොවන බවයි. විද්‍යාවේ කෙරෙන්නේ මෙය විධිමත්ව සංකල්පගත කිරීමයි. මිනිස් සිතේ අත්දැකීම් ඇසුරෙන් දැනුම සාධාරණීකරනය නිරායාසයෙන්ම සිදුවෙයි.ඉගෙනීම, අධ්‍යාපනය හෝ වෙනත් ක්ෂේත්‍රයක ලබන ශික්ෂණය යනු මෙයයි. විශේෂීකරනය කරන ලද සංකල්ප සහ සාධාරනීකරනය කරන ලද සංකල්ප අතර ඇති වෙනස නම් එහි ඇති පුද්ගල බද්ධ වූ අරමුණු සහ ආශාවන්ය. කුඩා දරැවන් තමන්ගේ දෙමව්පියන්, සෙල්ලම් බඩු ආදීය විශේෂිතව, තමන්ගේම කෙටසක් ලෙස සලකන්නේ මේ නිසයි. නමුත් පුද්ගලයෙකු පරිනත වනවිට,තමන් ලබන අත්දැකීම් ඇසුරෙන් දැනුමේ ඇති පොදුබව, සාධාරනීකරනය වන බව අත්දැකීමෙන්ම වටහා ගනී. බොහෝ වයසක උදවිය 'මරණය' පවා වියුක්ත සේ දකින්නේ (මරණය ගැන බිය නොවන්නේ) මේ නිසයි. මේ මැනීම, සැසඳිම සම්පූර්නයෙන්ම අවසන්වන්නේ අනාගාමී මාර්ගථල ලබන විට ‘මානය’ නම් වූ සංයෝජනය දුරැ කිරීමෙන් බව බුදු දහමේ දැක්වෙයි.
ලෝකය පිලිබඳව ඇති සැබැ ගැටලුව වන්නේ ලක්ෂණ ලෙස ඉන්ද්‍රියන්ට ගෝචර නොවන නමුත් යම් යම් කාර්‍යයන් සිදුවෙන (බව දැනෙන) ක්‍රියාවලීන්ද ලෝකයේ පැවතීමයි. පංචේන්ද්‍රියට ගෝචර වන්නේ මේ සිදුවීම් වල ප්‍රථිපලයන් පමනි. මේ ප්‍රථිපල වලට හේතුව සොයා නොගෙන ඒ ක්‍රියාවලීන් පිලිබඳව අවබෝධකර ගැනීමට නොහැකිය. උදාහරනයකට වැසි වැටීම ඉන්ද්‍රිය ගෝචර වන නමුත් එයට හේතුව, වැසි වැටෙන්නේ කෙසේද යන්න ඉන්ද්‍රිය ගෝචර නැත. මෙවැනි තවත් ඉන්ද්‍රිය ගෝචර නොවන හේතු අන්න්ත අප්‍රමානව ඇත. උදේට හිරැ උදාවී හවසට බැස යාමට හේතුව, කෙනෙක් ලස්සන වී තවෙකෙකු අවලස්සන වීමට හේතුව, ඇපල් බිමට වැටීමට හේතුව, මිනිසාගේ දුකට හේතුව උදාහරන කීපයක් පමනි.
සැබැවින්ම වැසි වැටීමට හේතුව පමනක් නොව (වැසි) වැටීම පවා පංචේන්ද්‍රියට ගෝචර නැත. ඇසට ගෝචර වන්නේ වැහි බිදුවක (හෝ කීපයක) ඇසට පෙනෙන අවස්ථා දෙකක (හෝ කීපයක) පිහිටීමකි. මේ පිහිටීම අනුව සිදුවන වෙනසට 'වැස්ස' හෝ 'වැසි වැටීම' ලෙස අප විසින් නම් කර ගනිමු. එම 'වැටීම' ද අවස්ථා දෙකක සිදුවන වෙනස් වීමට හේතුවක් මිස ඉන්ද්‍රිය ගෝචර දැනුමක් නොවේ. ලෝකයේ යථා ස්වභාවය වන 'වෙනස්වීම' පංචේන්ද්‍රියට, මනසට හෝ වෙනත් කිසිදු ඉන්ද්‍රියකට ගෝචර වන්නක් නොවේ. පංචේන්ද්‍රියට ගෝචරවන්නේ වෙනස්වීමේ හේතුවෙහි ථලයක් ලෙස සිදුවන රෑප ලක්ෂණයන්හි ඇතිවන වෙනස්වීමයි.
ලෝකය යනු අනවරතව සිදුවන වෙනස්වීමේ ක්‍රියාවලියකි. මේ වෙනස්වීම සිදුවන්නේ කෙසේදැයි තේරැම් ගැනීම ඉතා දුෂ්කරය. එසේ යම් වෙනස්වීමක් සිදුවන බව ඉන්ද්‍රියන්ට ගෝචර වන නමුත් හේතුව ඉන්ද්‍රිය ගෝචර නැත. මේ නිසා මේ නොපෙනෙන සිදුවීම් වල හේතුකාරකයෙක්, යම් කිසි නොපෙනෙන, වියුක්ත සංසිද්ධියක් ඇති බව මිනිසුන් බොහෝ කාලයක් විස්වාසය කලේය. බොහෝ අයගේ අදහස වූයේ මෙය සර්වබලධාරී දෙවි කෙනෙකුගේ ක්‍රියාවක් බවයි. සර්ව බලධාරී අඩු වැඩි වන වියුක්ත දෙවිවරැන් පහල වූයේ මේ කාර්‍යය සදහාය. ලක්ෂණ යනු ඇදහීම උදෙසාම පසුව නිර්මාණය කර ගත් සංකල්පයන්ය. උදාහරනයට ඉන්දියානු වේද ග්‍රන්ථවල සඳහන්වන බ්‍රහ්ම සංකල්පය සිතෙන් සිතාගත නොහැකි, සියලු කාර්‍යයන්ට හේතුකාරකයා වන අතිශය වියුක්ත සංකල්පයකි. බ්‍රහ්මයාගේ ලක්ෂණ නැති අතර ඇත්තේ කාර්‍යයන් පමනි. නමුත් පසු කාලයේ විශ්නු ත්‍රිමූර්තිය ලෙස මේ දේව සංකල්පය නොයෙකුත් රෑපී ලක්ෂණ එක්කරගනිමින් සිතෙන් සිතා ගතහැකි තත්වය පත්විය. එසේම පරන බයිබලයේ අතිශය වියුක්ත, රෑප ලක්ෂණ නැති යුදෙව් දෙවියන් අලුත් බයිබලයේ සිතෙන් සිතාගත හැකි දෙවියෙකු විය. මේවා පෙර, අපර දිග තිබූ මහා චින්තන වෙනස්කම් නොව ශිෂ්ඨාචාරයන් විකාශණය වීමේදී සාමූහිකව මුහුන දෙන පොදු අභියෝග හමුවේ මිනිසා දැක්වූ සමාන ප්‍රථිචාරයන්ය.
ඉන්දියානු කර්ම සංකල්පය වඩා දියුනු සංකල්පයකි. එය හේතු කාරකයෙක් නොව වියුක්ත ස්වයං ක්‍රියා කාරීත්වයකි. බුදුන් වහන්සේ මෙය වඩා විස්තීර්නව පැහැදිලි කලේය. සියල්ල කර්මය නිසා සිදුවන බව උන්වහන්සේ පිලි ගත්තේ නැත. ඝෘතු නියාම, බීජ නියාම, කම්ම නියාම,ධම්ම නියාම, චිත්ත නියාම අදී නියාම ධර්ම අතර කර්ම නියාමයද එක් නියාමයක් පමනක් බව බුදුන් වහන්සේ පැහැදිලිව පැවසූහ. මේ නියාම ධර්මයන්ද වියුක්ත සංකල්ප, සිතෙන් පවා සිතාගත නොහැකි සංකල්පයෝ වෙති. ඒවායෙහිද ලක්ෂණ නැති අතර ඇත්තේ කාර්‍යයන් පමනි.
නූතන විද්‍යයාවෙන් කරන්නේද මෙයට වඩා වෙනස් කාර්‍යයක් නොවේ. අතීතයේ වියුක්ත දෙවියෙකුට හෝ නියාම ධර්මයකට භාර දුන් මේ හේතුව යම් නිෂ්චිත සංසිද්ධියක් ලෙස ආකෘති ගත කිරීම විද්‍යයවෙන් කරනු ලබයි. මේ ආකෘතින් ද වියුක්ත සංකල්ප හෝ ප්‍රවාද වීම බටහිර විද්‍යයාවේ අඩුවක් නොව මානවයාගේ දැනුම නිර්මාණයේ පවතින නිසඟ ස්වභාවයයි. පැවැත්ම උදෙසා දැනුම සොයා යාමේදී මෙම නියාම ධර්මයන්ම විද්‍යයාවක් ලෙස ගවේශනය හැර වෙනත් විකල්පයන් මිනිසාට නැත.
නලින්ද සිල්වා මහතා පට්ටපල් බොරැයැයි පවසන්නේ මේ වියුක්ත ප්‍රවාද වලට බව සැකයක් නැත. ප්‍රවාදයක් යනු යම් සංසිද්ධියක් පැහැදිලි කිරීමට හේතු -ථල ක්‍රියාවලියක් ලෙස ආකෘතිගත කල සංකල්ප පද්දතියකි. මෙහිදී ථලය ඉන්ද්‍රිය ගොචර වීමත් හේතුව ඉන්ද්‍රිය ගෝචර නොවීමත් මිනිස් සිතේ දැනුම නිර්මාණයේ ස්වභාවයකි.
“ප්‍රත්‍යක්‌ෂ නො වන වක්‍ර දැනුම් යනු වියුක්‌ත සංකල්ප, ප්‍රවාද ආදිය යොදාගෙන නිර්මාණය කෙරෙන දැනුම් ය. සෘජු ප්‍රත්‍යක්‌ෂ දැනුම් තේරුම් කර දීම සඳහා මේ වියුක්‌ත කතන්දර නිර්මාණය කෙරෙයි. මේ කතන්දර හුදෙක් හිතළු ය. ඒ හිතළුවලින් ලබාගන්නා නිගමන නැවතත් සංයුක්‌ත සෘජු ප්‍රත්‍යක්‌ෂ සංසන්දනය කර යම් සාර්ථකත්වයක් පෙන්වන හිතළුවලට ප්‍රවාද යෑයි කියනු ලැබේ. මේ හිතළු ප්‍රත්‍යක්‌ෂවලටත් වඩා බොරු ය. එබැවින් ඒවාට පට්‌ටපල් බොරු යෑයි කියමු.”
“බටහිර විද්‍යාවේ කෙරෙන ප්‍රධාන වරදක් නම් වියුක්‌ත ප්‍රවාදවලින් නිගමනය කෙරෙන කරුණු සංයුක්‌ත ප්‍රත්‍යක්‌ෂ සමග සංසන්දනය කිරීම ය. එයට අමතරව ඌනිතවාදය, උද්ගමනය, සාධාරණීකරණය ආදී සංයුක්‌තයට පිටින් යන කරුණු ද වෙයි. ඒ සියල්ල පට්‌ටපල් බොරු වෙයි. "( 18/03/2015 දින විදුසර පුවත්පත)
නලින් සිල්වා මහතාගේ අදහස වන්නේ මේ හේතුව පිලිබඳ දැනුම සිතට ඉබේ පහල වන බවයි. දුක හට ගන්නේ පංචේද්‍රිය හෝ මනස ඇසුරෙන් හටගන්නාවූ සංකල්පීය දැනුම නිසා බව අවබෝධ කර ගත් බුදුන් වහන්සේ කලේ මේ දුකට හේතුව සොයා (තන්හාව) එම හේතුව නැතිකර දැමීමයි. හේතුව සොයා නොගෙන, අවබෝධ කර නොගෙන දුක නැති කර ගත නොහැක. පටිච්ඡ සමුප්පාදය යනු හේතු ථල ක්‍රියාවලියක් ලෙස අවිද්‍යයාව හේතුවෙන් දුක, දැනුම නිර්මාණය වන ආකාරය පැහැදිලි කරන ප්‍රවාදයකි. එම ප්‍රවාදයද සත්‍යය බව අවබෝධකරගත හැකි වන්නේ ප්‍රත්‍යයක්ෂ ලෙස ඉන්ද්‍රය ඥාණයෙනි.
ඉන්ද්‍රිය දැනුම (ප්‍රත්‍යයක්ෂ) මෙන්ම හේතුව (විචාරය) පිලිබඳ දැනුමද දැනුම නිර්මාණයේදී එක ලෙස වැදගත්ය. දැනුමේ වැදගත්කම වන්නේ එයින් අපේක්ෂිත කාර්‍යයි. කාර්‍ය්‍ය හඳුනාගැනීම සඳහා උපකාර වන්නේ ඉන්ද්‍රිය ඇසුරෙන් අරමුණෙහි ලක්ෂණ ග්‍රහනය කරගැනීමයි. මේ ලක්ෂණ වල වෙනස්වීම් වල හේතුව කාර්‍යයක් ලෙස හඳුනාගත් විට මී ලඟ පියවර වන්නේ එම කාර්‍යය සිදුවීමට හේතුවයි. විචාරය මිස මිනිසාට දැනුම සොයා යාමට වෙනත් විධික්‍රමයක් නැත. බුදු දහමේ, විද්‍යයාවේ මෙන්ම වෙනත් ඕනෑම දැනුම් පද්දතියක මේ සදහා ඇති එකම මාර්ගය මෙයයි.
නලින්ද සිල්වා මහතා වියුක්ත සංකල්ප ලෙස මෙසේ ප්‍රථික්ෂේප කරන්නේ හේතුව පිලිබඳ ඥාණය බව නොකීමට තරම් ප්‍රවේශම් සහගත වෙයි. බටහිර දර්ශණයේ ඉන්ද්‍රිය අනුභූතක ඥාණය සහ හේතුව, විචාර ඥාණය පිලිබඳ විසංවාද ඇතත් බුදු දහමේ මේ ගැන විසංවාදක් නැත. බුදු දහම සහ විද්‍යයාවෙහි වෙනස එකිනෙක අරමුණු අතර මිස විධික්‍රමයක් ලෙස නොවේ. විද්‍යයාව දැනුම නිර්මාණය තම අරමුණ කර ගන්නා විට බුදු දහම දැනුම අතහැරීම තම අරමුණ කර ගනී. අරමුණ කුමක් වුවත් මිනිස් සිතේ ක්‍රියාකාරීත්වය, දැනුම සකස්වන ආකාරය වෙනස්වන්නේ නැත. විවිධ දාර්ශනික මතවාද ඇතිවන්නේ මේ දැනුම නිර්මාණය වීමේ ක්‍රියාවලිය පවතින වෙනස්කම නිසා නොව අරමුෙනහි, චේතනාවෙහි පවතින වෙනස්කම් නිසයි.
ලංකාවේ ථේරවාදී බුදු සමයට මෙය අලුත් ප්‍රශ්ණයක්ද නොවේ. ඔවුන් මෙය විසඳාගෙන ඇත්තේ සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය ලෙස ධර්මය බෙදා වෙන්කර ගැනීමෙනි. මේවාද සත්‍යයන් මිස බොරැ හෝ පට්ටපල් බොරැ නොවේ. මෙයට හේතු වන්නට ඇත්තේද දුර්වල පුද්ගලයන් හේතුවක් නැතැයි නාස්තික දෘෂ්ටියකට වැටීමෙන් වැලක්වීමයි. පැවැත්ම අතහැරීම සදහා දැනුම පිලිබඳව පවත්නා විස්වාසය අවශ්‍යය නොවූවත් යහපත් සමාජ පැවැත්මක් උදෙසා දැනුම කෙරෙහි පවතින විස්වාසය අත්‍යයවශ්‍යය වෙයි. බුදුන් වහන්සේ මෙවැනි අඥාණ ක්‍රියාවන් හඳුන්වා ඇත්තේ සර්පයෙකු වලිගයෙන් අල්ලා ගැනීමක් ලෙසයි.