බෞද්ධ ආගම විස්වාස කරන පිරිස මෙන්ම ආගම විස්වාස නොකරන
නිර්ආගමික පිරිස් අතරද විවිධ සංවාද පසුගිය දිනවල දැකිය හැකිවිය. අප විසින් නලින්ද
සිල්වා මහතා විසින් ඉදිරිපත් කල වියුක්ත
සහ සංයුක්ත වශයෙන් සංකල්පීය දැනුම
බෙදා ගැනීමෙන් කරන දේශපාලනය පදනමක් නැති බව පෙන්වා දීමෙන් පසු බුදු දහම
සම්බන්ඳයෙන් ලිපි ගණනාවක් එක දිගටම ඔහු විසින් පලකර තිබුනි. සැබැවින්ම මෙය සියවසකට
පෙර කල යුතුව තිබූ නමුත් ගිලිහී ගිය ඉතා
වැදගත් සංවාදයකි. ඕනෑම සංස්කෘතියක ආගම ඉතා වැදගත් සංරචකයකි. මේ නිසා ආගමේ ඇති
දාර්ශණික හරය සහ එහි කාර්‍යයභාරය හඳුනානොගෙන සමාජයකට අනාගතය ගොඩනගා ගත නොහැක.
බොහෝ ආගමිකයින් නිර්ආගමිකත්වය භයංකාර දෙයක් සේ දකින අතර
බොහෝ නිර්ආගමිකයින්ටද ආගම විහිලුවකි. නමුත් සැබැවින්ම ආගම සහ නිර්ආගම අතර මේ තරම්
දුරස්බවක් ඇත්ද? අන් ආගම් කෙසේ වෙතත් බෞද්ධ ආගම සහ නිර්ආගමික බුදු දහම ථේරවාදී
සම්ප්‍රධාය තුල පැහැදිලිවම
නිර්වචනය වූවකි. පරමාර්ථ සත්‍යය සහ සම්මුති සත්‍යය ලෙස හඳුන්වන්නේ මෙම බෙදිමයි. සමහර
පිරිස් මෙය පොතෙස්තන්ත (විරෝධතා) බුදු දහම, ඕල්කට් බුදු දහම ලෙස ගැරහිමට උත්සාහ කලත් මේ බෙදිම දෙවැනි සංගායනාවේ සිටම
තිබුනි. සැඟවීමට උත්සාහ ගත්තද නලින් ද සිල්වා මහතා ‘මගේ ලෝකය’ කෘතිය තුලින් උත්සාහ
ගන්නේ නිර්ආගමික බුදු දහම සංකල්පගත කිරීමටයි. (ඉඩ ලැබුනහොත් ‘මගේ ලෝකය’ ගැනද ඉදිරියේදී
කතාකිරීමට උත්සාහ ගනිමු.)
අනාදිමත් කාලයක සිට ආගම් (Religion) පැවති බව
විස්වාස කරන පිරිසකට ආගම් බිහිවන්නේ පසුගිය සියවස් දෙකක, තුනක කාලයකදී බව පැවසීම
පුදුමයට කරැනක් විය හැක. නමුත් නුතන ගෝලීයකරනය වූ සංකල්පීය ලෝකය තුල භාෂාව
නිර්වචනය වන්නේ අතීත නිරැක්තීන් තුල නොවේ. වර්ථමානයේ සංකල්පගත කරගෙන ඇති ආගම නම්
වූ සංඥාව නිර්වචනය කෙරෙන්නේ යුරෝපයේ ආරම්භවන
නූතන යුගයත් සමගයි.
දැනුම හැම විටම සාපේක්ෂය. අප අතීතය හෝ අනාගතය පිලිබඳව
නිර්මාණය කර ගන්නා බොහෝ සංකල්ප වර්ථමාන දැනුමට සාපේක්ෂ වෙයි. අප අතීතයේ
පැවතුනායැයි විස්වාස කරන අගම් සහ වර්ථමානයේ පවතින ආගම් අතර බොහෝ වෙනස්කම් වෙයි. මේ
වෙනස්කම් ඇත්තේ ආගමේ නම, ආගම් කතුවරැන්ගේ ඉගැන්වීම්, පොත්පත් වල පවතින ගාථා,
අකුරැ, වචන ආදියේ නොවේ. නිරැක්තිය ඇත්තේ එම වචන, සංඥා සමග නිර්මාණය කරගන්නා සංකල්ප
තුලයි. අප විසින් සකස්කර ගන්නා සංකල්ප තවත් බොහෝ සංකල්ප හා සංඥා ඇසුරෙන් නිර්වචනය
කෙරෙන්නකි. මේ නිසා අපට කිසි විටෙක අතීත
ආගම්වල සැබෑ ස්වරෑපය වර්ථමානයේ සංකල්ප ගතකරගත නොහැක. ආගම පමනක් නොව ඕනෑම සංකල්පීය දැනුමක ඇත්තේ වර්ථමාන,
සංස්කෘතික අර්ථයකි. (කාල, අවකාශ) සැබැවින්ම අතීත ආගම් කියා දෙයක් නැත. ආගම නිර්වචනය කරගැනීමේ වැදගත්කම ඇත්තේද මේ
නිසාමය. බුදු දහමට අනුව මෙය හඳුන්වන්නේ නිරැක්ති ඥාණය ලෙසයි.
1815 උඩරට ගිවිසුමේ බුදු දහම හෝ බෞද්ධ ආගම පිලිබඳව සඳහන්
වන්නේ නැත. එහි සදහන්වන්නේ “බුද්ධ ශාසනය” සහ “දේවාගම” රැක ගැනීම පිලිබඳවයි.
එම යුගයේ දෙවියන් වහන්සේ නැති ආගමක් පිලිබඳව යුරෝපීයයන්ට අදහසක් නොවීය. (බෞද්ධ සහ
හින්දු ආගම්වල දෙවිවරැන් පිලිබඳව සදහන් වුවත් ඔවුන් යුරෝපයේ මෙන් සර්වබලධාරී
දෙවිවරැන් නොවේ) එසේම එම යුගයේ ලාංකිකයාද ආගම ලෙස හැඳින්වූයේ යුරෝපීය ආගම්, මිස දේශීය ආගම් නොවේ. තවමත් සමහර ගැමියන් “එයා අගමේ” යැයි කියන්නේ මේ යුරෝපීය
ආගම්වලටය. එසේ යුරෝපීය ආගම්, ආගම වූවා නම් අපට ආගමක් නොතිබුනේද? සැබැවින්ම අපටද
ආගමක් තිබූ නමුත් නිර්වචනය වූ නිරැක්ති සහිත වර්ථමාන අර්ථයෙන් හැඳින්විය හැකි
ආගමක් අපට තිබුනේ නැත. බුද්ධාගම යනු අතීත සංඥා ඇසුරෙන් වර්ථමාන නිරැක්තීන් තුල
සංකල්පගත කරගත් ආගමකි. බුද්ධාගම මෑත යුගයේ
නිර්මාණයක් ලෙස අප සදහන් කරන්නේද මේ නිසයි. (පාලි ත්‍රිපිටකය පවා මෑත යුගයේ
මුලින්ම පර්වර්ථනය වන්නේ සිංහල භාෂාවට නොව ඉංග්‍රීසි බසටයි. )
එසේනම් අප සැබෑ බුදු දහම කුමක්ද? එය තේරැම් කරගන්නේ කෙසේද? බුදු දහම විවිධ ආකාරයෙන් නිර්වචනය කර ගත හැකි බව
සැබෑය. මෙහිදී බොහෝ දෙනෙකු බුදු දහම
නිර්වචනය කරන ජනප්‍රියම ආකාරය වන්නේ තවත් ආගමක් සමග සැසැදිමයි. යුරෝපීය ක්‍රිස්තියානි,
කතෝලික, යුදෙව් ආදී ආගම් සමග මෙන්ම හින්දු, මුස්ලිම් ආදී ආගම් සමග බොහෝ දෙනෙකු බුදු
දහම සැසැඳිමට උත්සාහ ගනී. නමුත් මෙමගින් නිර්වචනය වන්නේ බුදු දහම නොව බෞද්ධ වාර්ගික
සීමාවන්ය. තවත් පිරිසක් විද්‍යයාව, දේශපාලණය, දර්ශනය ආදී විෂය ක්ෂේත්‍රයන්
සමග බුදු දහම සසඳයි. එම විෂය ක්ෂේත්‍රයන් සංවර්ධනය වු බටහිර අත්මීය දේව ආගම්
සම්බන්ඳයෙන් මෙය සාර්ථක විය හැකි වුවත් අනාත්මීය වූ බුදු දහම සම්බන්ඳයෙන් මෙය එතරම් සාර්ථක උත්සාහයක්
නොවේ.
ආගම නම් වූ සංකල්පය නිර්වචනය කර ගත හැකි වන්නේ නිර්ආගම
නැමැති සංකල්පයත් සමගයි. ලෝකයේ ඇත්තේ කෘත්‍යය හෙවත් කාර්‍යයන්ය.(ක්‍රියාවලීන්ය)
ආගම යනු යම් නිශ්චිත වූ කාර්‍යයන් සමූහයකි. ආගම නිර්වචනය කර ගැනීම යනු එහි කාර්‍යයභාරයන්
නිශ්චය කර ගැනීමයි. ආගමේ කාර්‍යන් නිශ්චය කර ගත හැකි වන්නේ ආගමට අයත් නොවන කාර්‍යයන්
නිශ්චය කර ගැනීමෙනි. නිර්ආගම යනු මෙසේ ආගමට අයත් නොවන කාර්‍යන් සංකල්පගත කරගැනීමට
ගන්නා උත්සාහයයි.
අප ආගම නූතන සංකල්පයක් සේ අප සඳහන් කරන්නේ මෑත ඉතිහාසයේ
නිර්ආගම සංකල්පගත කරගැනීමට උත්සාහ ගත්තේ යුරෝපීයයන් වීම නිසයි. (බුදු දහමේ මෙය
නිර්වචනය වී ඇත්තේ ඈත යුගයේය) යුරෝපයේ
චින්තන විප්ලවය ලෙස හදුන්වන්නේද මෙම ආගම සහ නිර්ආගම නිර්වචනය කර ගැනීමේ උත්සාහයයි.
මෙම නිසා අපටද යුරෝපය මුල් කරගෙනම මේ සංවාදය ආරම්භ කිරීමට සිදුවීම වැලැක්විය
නොහැකිය.
මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භයත් සමග බිහි වු ආගමික
විස්වාසයන් වර්ථමානය වන විට යුග ගණනාවක් පසුකොට ඇත. මේ සියලු යුගයන් පිලිබඳව සොයා
බැලීමේ බලාපොරොත්තුවක් නැති අතර මේ
පිලිබඳව ලියවුනු පතපොත ඕනෑතරම් ඇත. ප්‍රථමික වූ ගෝත්‍රික ආගම් අමතක කර ග්‍රීක හා
රෝම යුග පසුකරන විට අපට හමු වන්නේ යුරෝපයේ අදුරැ යුගයයි. අඳුරැ යුගය උදාවන්නේ රෝමානු
කතෝලික පල්ලිය රෝම අධිරාජ්‍යය ඉක්මවා බලවත් වීමෙනි. දෙවියන්ගේ පුත්‍රයා ලෙස පෙනී
සිටි ක්‍රිස්තුස් වහන්සේ රෝම අධිරාජ්‍යයට එරෙහිව නැගී සිටීම නොඉවසු පාලකයන් එතුමා
කුරැසයේ ඇන ගසා මරා දැමූ නමුත් අවසානයේ අධිරාජ්‍යයේ නිල ආගම බවට කතෝලික ආගම පත්වූ
අතර රාජ නීතියට වඩා දේව නීතිය බලවත් නීතිය වීය.
මේ යුගයේ විශේෂ ලක්ෂණය වන්නේ සියල්ල ආගම බවට පත්වීමයි.
සියලු පෞද්ගලික සහ සාමූහික මනුෂ්‍යය,කාර්‍යයන්, ක්‍රියාකාරකම් තීරනය කරන නියාමන
බලවේගය වන්නේ ආගමයි. මිනිසාගේ උපතේ සිට
මරනය දක්වා වූ සියලු සිදුවීම් ආගමට අනුකූලව නිර්වචනය විය. සර්වබලධාරී දෙවියන්
සියල්ලේම නිර්මාපකයා වූ අතර පල්ලිය දෙවියන්ගේ නියාමක අධිකාරය විය. ක්‍රියාකාරකම්,
වචන පමනක් නොව සිතුම් පැතුම්, ආශාවන් පවා නියාමනය වන්නේ ආගමෙනි. ආගමෙන් පිටත සිටිය
හැකි වූ එකම බලවේගය වන්නේ මිත්‍යයා දෘෂ්ඨික සාතන් නැමති යක්ෂයයා පමනි.
මේ අඳුර යුගය පිලිබඳව යුරෝපා ඉතිහාසයේ මැනවින් සටහන් වී
ඇත. ආගම නිර්වචනය නොවූ, සියල්ලම ආගම බවට පත්ව තිබූ මේ යුගය අතිශය මිලෙච්ඡ යුගයකි. පල්ලියේ
ඉගැන්වීම් වලට අනුකූල නොවූ ක්‍රියාකාරකම්, අදහස් හෝ විස්වාසයන් සාතන්ගේ මිත්‍යයා දෘෂ්ඨින් ලෙස හඳුන්වා ඉතා
බිහිසුන් ලෙස මර්ධනයට ලක්විය. විවිධ ගෝත්‍රික, ප්‍රදේශීය විස්වාස, ඇදහිලි, සිරිත්
විරිත් සහිත වූවන් ගම් පිටින්ම පුලුස්සා දමන ලදී. කුරැස යුද්ධ ලෙස හැඳින්වූ වෙනත්
ආගමිකයන් ඇදහූ පිරිස් සමග ගෙන ගිය ශුද්ධ වූ යුද්ධයන් මිනිස් ජීවිතයක වටිනාකම තිරනය
කරන සාධකය විය. පූජකයන් මෙන්ම පාලකයන්ද ජනතාව තලා, පෙලා නෙලාගත් සාරය ඔස්සේ
සුඛොපභෝගී ජීවිත ගත කලේය. නූතන යුගය බිහි වන්නේ මේ මිලෙච්ඡ යුගයේ සාපයෙන් ගැලවීමේ
අරගලයක් ලෙසයි.
පුනරැද යුගය ආරම්භ වන්නේ පල්ලියේ මේ කෘර අධිපත්‍යයට
එරෙහිව පැන නැගුනු චින්තන විප්ලවයත් සමගයි. දෙවියන්ගේ එකම නියෝජිතයා වූ කතොලික
පල්ලියට එරෙහිව ආරම්භ වූ පොතෙස්තන්ත ආගමික
ව්‍යයාපාරය දෙවියන්ට එරෙහි වූ ව්‍යයාපාරයක් නොවීය. මොවුන්ගේ අදහස වූයේ දෙවියන්ගේ
එකම නියෝජිතයා රෝමානු කතෝලික පල්ලිය පමනක් නොවන බවයි. මනුෂ්‍යයාට දෙවියන් හා
සම්බන්ඳ වීමට අතරමැදියෙකු අවශ්‍යය නොවන බව
ඔවුන්ගේ අදහස විය. සියවස් ගණනාවක් තුල සිදුවූ මේ අරගලයන් ඔස්සේ කතෝලික පල්ලියේ
තිබුනු අධිපත්‍යය බිඳ වැටුනු අතර විවිධ ආගමික පාර්ශව ගණනාවක් බිහිවිය. මේ ඔස්සේ
කෙරැන වැදගත්ම කාර්‍යය, චින්තන විප්ලවය නම් වූ ආගම සහ දේශපාලනය අතර වෙනස නිර්වචනය
කර ගැනීමට හැකිවිමයි. මිනිසාගේ ලෞකික අධිකාරී බලය රාජ්‍යය සතු වන්නේ මේ අනුවයි.
නූතන ආගම යන සංකල්පය නිර්වචනය වන්නේ මේ යුගයටත් පසුවය.
මීලඟ සටහනෙන් ඒ ගැන සොයා බලමු.
චමිල් විතාන
මූලාශ්‍ර- 1815 උඩරට ගිවිසුම