යුරෝපයේ ඇතිවූ පොතස්තන්ත ආගමික ව්‍යයාපාරයට හේතු වූ
චින්තන විප්ලවය පිලිබඳව මීට පෙර ලිපියේ සදහන්කර ඇත. ජනතාවගේ ලෞකික අධිකාරී බලය රාජ්‍යයට හිමි වීමත් කතොලික
පල්ලියේ අධිකාරී බලය විවිධ පාර්ශව ඔස්සේ බෙදී යෑම ගැනත් එහි සඳහන් කර ඇත. නූතන ආගම යන සංකල්පය බිහි වන්නේ මේ යුගයටත් පසුවය.
පොතෙස්තන්ත ව්‍යයපාරය කතොලික පල්ලියට එරෙහිව බිහිවූ ව්‍යයාපාරයක්
මිස දෙවියන්ට එරෙහිවූ ව්‍යයාපාරයක් නොවීය. නමුත් පල්ලියේ නියාමනයෙන් මිදුනු නිදහස
එතෙක් නොවූ නව මානයන්ගෙන් දැනුම එක්රැස්කිරීමට
සහ නිර්මාණය කර ගැනීමට යුරෝපීයයන්ට ලැබනු
අවස්ථාවක් විය. මෙය අවසන් වන්නේ පල්ලියට, ආගමට පමනක් නොව දෙවියන්ටත් විරැද්ධ වූ
නිදහස් චින්තකයන් පිරිසක් බිහිවීමෙනි. මේ පිරිස දෙවියන් මෙන්ම යක්ෂයාද ආගම තුලටම
දමා ආගමට පිටින් නිර්ආගමික සංකල්ප නිර්මාණය කර ගැනීමට උත්සාහ කලහ. අප දන්නා
වර්ථමාන ආගම යන සංකල්පය බිහි වන්නේ මේ නිර්ආගමික සංකල්ප සමගයි.
සංකල්පීය දැනුම යනු නිශ්චිත අරමුණක්, කාර්‍යයක් ඉටුකර
ගන්නා උපකරනයකි. ආගම යනු දැනුම් පද්දතියක් නම් එයින් කෙරැනේ අධිසංකල්පගත කල යම්
යම් විස්වාසයන් හරහා නිෂ්චිත අරමුණක්
ඉටුකර ගැනීමට ගත් උත්සාහයකි. එය නීතිය, සදාචාරය හෝ අචාරධර්ම රැක ගැනීමේ අධ්‍යයාත්මික
කාර්‍යය පමනක් නොවේ. දැනුම නිර්මාණය,
පවත්ගෙන යාම, සාමූහික, සංස්කෘතික ඒකීයත්ව රැකගැනීම ආදී වූ විවිධ අරමුණු ගණනාවක් විවිධ
කාල වකවානුවල ආගම මගින් ඉටුකර ගැනින. අඳුරැ යුගයේ ආගමට සියලු මිනිස් ක්‍රියාකාරකම් පාලනය කිරීමට හැකි
වන්නේ මෙවැනි බොහෝ කාර්‍යයන් ඉටුකර ගැනීම සඳහා අවශ්‍යය වූ සංවිධාන ව්‍යූහයක් ගොඩ
නගා ගැනීමට ආගමික ආයතන සමත්වීම නිසයි.
ආගම සමග නිර්ආගම එකිනෙකින් නිර්වචනය වීම යනු ආගමේ කාර්‍යයභාරයන්
සහ ආගමට අයත් නොවන කාර්‍යයභාරයන් නිශ්චය කර ගැනීමයි. එතෙක් මිනිසාගේ එකම අරමුණ බවට
පත්ව තිබුනු ආගම විවිධ අරමුණු සහිත ක්ෂේත්‍රයන් ලෙස වෙන් වෙන්ව හඳුනාගන්නේ මේ
අනුවයි. දේශපාලනය, විද්‍යයාව, කලාව,
ආර්ථිකය ආදී වු විවිධ ක්ෂේත්‍රයන් මෙසේ ආගමින් වෙන්කර ගත් ක්ෂේත්‍රයන්ය. සදාචාරය,
ආචාරධර්ම හා සම්බන්ඳ වන අධ්‍යයාත්මික ක්ෂේත්‍රයන්ට ආගමේ විෂය සීමාවිය. නිර් ආගමික
මතවාදයන් පොෂණය වූයේ ආගමෙන් ගැලවුනු මේ දේශපාලනය, විද්‍යයාව, කලාව, ආර්ථිකය ආදී
ක්ෂේත්‍රයන් ඔස්සේය. නූතනත්වය නමින් හඳුන්වන මේ යුගය ඔස්සේ යුරෝපීයයන් බොහෝ දුර ගිය බවත් නව
සංකල්ප සහ නිෂ්පාදයන් තුලින් ලෝකයේම තම අධිපත්‍යය තහවරැකර ගත් බවත් අප හොඳින්ම
දනිමු. නූතන යුගයේ අවසානය වන විට අධ්‍යාත්මික ක්ෂේත්‍රය නොසලකා හරින තරමටම
නිර්ආගමිකත්වය ප්‍රබල මතවාදයක් විය.
සියවස් කීපයක්ම යුරෝපීය යටත්විජියක් ලෙස පැවති අප රට නිදහස ලබන්නේ මේ නූතන යුගයේ අවසානයත් සමගයි.
ඔවුන්ගේ නුතන යුගය අවසන් වන්නේ නිර්ආගමට (සංකල්පීය විස්වාසයන්ට) ආගමෙන්,
දෙවියන්ගෙන් ගැලවිය නොහැකි බවට ලබන අවබොධයත් සමගයි. එතෙක් දෙවියන් මිය ගිය බවට උදම්වෙමින් චින්තන
විප්ලවයත් සමග ආරම්භ වූ බුද්ධිවාදයෙන් විශ්වය ජයගැනීමට උත්සාහ කල යුරෝපීයයන්ට,
මිනිසාට දෙවියන් විය නොහැකියැයි වැටහෙන්නේ ලෝක යුද්ධ දෙකක් විසින් සිදුකල විනාශය දැකීමෙනි. අප පශ්චාත් නූතන යුගය ලෙස හඳුන්වන්නේ
මෙම නව යුගයයි. ප්‍රශ්චාත් නූතනවාදීන් යනු මේ චින්තනය සංකල්පගත කිරීමට උත්සාහගන්නා
පිරිසයි.
ආගම නිර්ආගමෙනුත්, නිර්ආගම ආගමෙනුත් අන්‍යයෝන්‍යය ලෙස
නිර්වචනය වීම තුල මේවාට එකිනෙකට ස්වායක්තව පැවතිය නොහැක. වර්ථමාන බටහිර ආගම සහ
නිර්ආගම පවතින්නේ එකම සංකල්ප පද්දතියක් ලෙසයි. මෙහිදී යමෙකුට තෝරාගැනීමේ නිදහසක්
ඇතැයි සිතිය හැකි වුවත් මිනිස් චින්තනයේ ස්වභාවය (සංකල්පීය දැනුම නිර්මාණය වන
ආකාරය) අනුව එසේ සිදුවන්නේ නැත. ඥාණය යන්න පිලිබදව විවිධ බැරෑරැම් නිර්වචන
පැවතියත් අවසානයේ ඇත්තේ සැසදීමේ හැකියාවයි. සැසදිම කල හැක්කේ සමානකම් සෙවීම හෝ
වෙනස්කම් සෙවීම පමනි. සමානකම් සදහා වසඟවීමට හෝ ඇලීමට හැකි අතරම වෙනස්කම් සඳහා
ගැටීම හෝ එරෙහිවීම කල හැකිය. සංකල්ප හෝ සංඥාවලට ඇලීම මෙන්ම ගැටීමද නිදහස් චින්තනයකට
ඇති මග අසුරා දමයි. නිදහස් චින්තනයට ඇති එකම මග ආගම මෙන්ම නිර්ආගමද නිවැරදිව
නිර්වචනය කර ගැනීම ඔස්සේ එහි සීමාවන් පිලිබඳව ලබන අවබෝධයයි.
අප ප්‍රවේශයක් ලෙස යුරෝපීය ආගම් සහ දර්ශණයන් ඔස්සේ මේ
සාකච්ඡාව ආරම්භ කලේ බෞද්ධ ආගම යනු කුමක්දැයි නිර්වචනය කර ගැනීම උදෙසාය. බුදු දහම
සහ අනාත්ම දර්ශණයක් ඇසුරින් ගොඩ නැගුනු බෞද්ධ සංස්කෘතියක් පවතින ලාංකීය සමාජය සහ නිර්මාණවාදී
දේව විස්වාසයන් සහිත ආත්මීය ආගමික සංස්කෘතියක් ඇති බටහිර එකම ආකාරයෙන් තේරැම්
ගැනීමට හැකියැයි මම නොසිතමි. විද්‍යයාව, දේශපාලනය, ආර්ථිකය, කලාව ආදී නිර්ආගමික ක්ෂේත්‍රයන්හි
බටහිර විසින් ගොඩනගාගෙන ඇති දැනුම සහ එහි උපයෝගීතාවයන් පිලිබදව සැකයක් නැත. නමුත්
අප හොදින් දන්නා පරිදි එම දැනුම ඒ ආකාරයටම අප සංස්කෘතියට ගැලපීම දුෂ්කරය.
අප මෙහිදී නිර්ආගම යන වචනය භාවිතාකලේ සම්මත අර්ථ සහිතව
නොව ආගමික නොවන අර්ථයෙන් බව මේවන විට තේරැම්ගෙන ඇතැයි සිතමි. විද්‍යයාව,ප්‍රජාතන්ත්‍රවාදය,
ලිබරල්වාදය, මාර්ක්ස්වාදය වැනි මතවාදයන් පොෂණය වන්නේ නිර්ආගමික මතවාදයන් ලෙසයි.
මුනුෂ්‍යයාට ආත්මීය ගැටලුවක් ඇති බවත් එම ආත්මීය ගැටලුවට ආමන්ත්‍රනය කිරිමට මේ
නිර්ආගමික මතවාදයන් අපොහොසත්වන බවත් අපේ අදහසයි. ආගම සහ සංස්කෘතිය පුරවන්නේ මේ
අඩුවයි. එය තාර්කික, බුද්ධිමත් නොවිය හැක. එසේම බුද්ධිමත් ලෙස විද්‍යයාව හෝ
දේශපාලන මතවාදයක් ආගමක් බවට පත්කර ගැනීමටත් ඕනෑම අයෙකුට පුලුවන. නමුත් එවිට
නිර්ආගම බවට පත්වන මනුෂ්‍යයාගේ නිසඟ දුබලතාවයන් ඉදිරියේ නරැමයෙකු නොවී ඉවසිය හැකි
දියුනු දර්ශණයක්ද ඔහු සතුවිය යුතුය.
මෙය උන්ගේ සහ අපේ යන පටු අර්ථ සහිත කතාවක් නොවන බවද
සඳහන් කල යුතුය. විද්‍යයාවේ දෙවියන් දකින නලින්ද සිල්වා මෙන්ම බුදු දහමේ දෙවියන්
දකින තාරක කල්දේරාද අප දකින්නේ එකම කාසියක දෙපැත්තක් ලෙසයි.
යුරෝපීය ආගම සහ නිර්ආගම එකිනෙකින් නිර්වචනය කර ගැනීම
ඔස්සේ එහි අරමුනු සහ කාර්‍යයන් මැනවින්
නිශ්චය කර ගැනීමට ඔවුන් සමත්ව ඇතිබව සත්‍යයකි. එසේම එම කාර්‍යය නිශ්චය කර ගැනීම
ඔස්සේ ලැබිය හැකි උපයෝගීතාවයන්ද උපරිමව
ලබන බවත් ඇත්තකි. ඒ අතරම එම චින්තන සීමාවන් තුල ඔවුන්ට යා හැකි ඉහලම සීමාවන් මේවන
විටද සලකුනු කර පෙන්වා ඇති බවත් අප විසින් සිහි තබා ගත යුතුයි. ක්වෙන්ටම් භෞථිකය,
විද්‍යයාවේ එම සීමාව නම් ධනවාදය, මාර්ක්ස්වාදය, ප්‍රජාතන්ත්‍රවාදය එහි දේශපාලනික
සහ ආර්ථික සීමාවන්ය.
මේ සටහන්වල අරමුණ මෙරට සංස්කෘතික අන්‍යයතාවය වන බුදු දහම
නිර්වචනය කර ගැනීමට උත්සාහ කිරීමයි. කිතුනු ආගම තුල නිර්ආගම සංකල්ප ගත වන්නේ ආගමට බාහිරින්
වුවත් බෞද්ධ ආගමේ, නිර්ආගම ඇත්තේද බුදු දහම තුලමයි. බටහිර මතවාදී සංකල්ප සහ දර්ශණයන්
ඔස්සේ බුදු දහම හෝ මෙරට සමාජය විග්‍රහ කිරීමට ගන්නා බොහෝ උත්සාහයන් අසාර්ථක වන්නේද
මේ නිසයි. මෙය නූතන බෞද්ධ ආගමික, සංස්කෘතික, සදාචාර ක්ෂේත්‍රයේ පමනක් නොව දේශපාලනික සහ ආර්ථික ක්ෂේත්‍රවලද අර්බුධයන්ට හේතු වී ඇත.
බෞද්ධ ආගම සහ නිර්ආගමික බුදු දහම ථේරවාද සම්‍ප්‍රදාය
ආරම්භයේ සිටම මැනවින් නිර්වචනය වූ අදහසකි.
බුදු දහමේ සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය ලෙස බෙදා දක්වා ඇත්තේ මෙම
බෞද්ධ ආගම සහ නිර් ආගමික බුදු දහමයි.
එයටත් ප්‍රථම මුල් බුදු දහම සේ සැලකෙන සූත්‍ර පිටකයෙහි ලෞකික සම්මා දිට්ඨිය
සහ ලෝකෝත්තර සම්මා දිටිඨිය ලෙස දක්වා ඇත්තේද මෙයයි. අප විසින් නිර්වචනය කර ගත
යුතුව ඇත්තේ නූතන බෞද්ධ ආගම විසින් අවුලක් බවට පත්කරගෙන ඇති මේ නිරාගමික බුදු දහම
සහ ආගමික බුදු දහම අතර වෙනසයි.
ඉදිරි සටහන් ඔස්සේ බෞද්ධ ආගම සහ නිර්ආගමික බුදු දහම
පිලිබඳව සොයා බලමු.
චමිල් විතාන